විරෝධතාකරුවන් මල් පාරේ අගමැති කාර්යාලයට ඇතුළු වී තිබෙනවා. කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයය ඉදිරිපිට අද (13) උදෑසන සිට විරෝධතාකරුවන් විශාල පිරිසක් රැස් ව සිටියා. පොලිසිය හා යුද හමුදාව ඔවුන් පාලනය කිරීමට විවිධ උත්සාහයන් ද ගෙන තිබුණා.
කඳුළු ගෑස් හා ජල ප්‍රහාර විරෝධතාකරුවන් වෙත අඛණ්ඩ ව එල්ල කිරීමට ද ඔවුන් කටයුතු කළා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය කාර්යාලයය වටා දිවයිනේ නන් දෙසෙන් පිරිස් පැමිනෙමින් විරෝධතා ව්‍යාපාරය දැඩි තීව්ර තත්ත්වයකට ගෙන ඒමට පියවර ගෙන තිබුණා. ඔවුන් ආරක්ෂක අංශ සියලු බාධා බිඳ දමමින් මීට සුළු මොහොතකට පෙර අගමැති කාර්යාලයයට ඇතුළු වී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයයේ තාප්පයට යාබද ගස් මතට නැඟී එමඟින් අග්‍රාමාත්‍ය කාර්යාලයයේ ඇතුළට ඔවුන් ගොස් තිබෙනවා.

