ජනපති මාලදිවයිනෙන් පිටව යයි

මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටින් පිටව ගොස් ඇත. සෞදි අරාබියානු ගුවන් යානයකින් ඒ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර සිංගප්පූරුව වෙත පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකරනු ඇති බවට අපේක්ෂා කෙරේ.