උද්ගතව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලා අස් විය යුතු යැයි බි්රතාන්යය නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. බි්රතාන්යය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර හෙබවූ ලේකම්වරුන් 7ක් ඉල්ලා අස් වී ඇති අතර, අගමැතිවරයා විසින් තවත් දෙදෙනෙකු ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, බොරිස් ජොන්සන් කියා සිටියේ, තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නො වන බවයි.

