පිලිපීනයේ නව ජනපති දිවුරුම් දෙයි

පිලිපීනයේ නව ජනපති ලෙස Ferdinand Marcos දිවුරුම් දී තිබේ. දුෂණ චෝදනා එල්ලවූ ඒකාධිපතියෙකු වූ ඔහුගේ පියා වන ද මාකෝස් 1986 වසරේදී බලයෙන් නෙරපා හරින ලදී. කෙසේ වෙතත් පසුගිය මැයි මස 09 වනදා පැවති එරට ජනාධිපතිවරණයෙන් Ferdinand Marcos විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්විය. 64 හැවිරිදි වියේ පසුවන Ferdinand Marcos බොන් බොන් යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වයි.

මෙවර පිලිපීන ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 6දෙනෙකු ඉදිරිපත් විය. එහිදී EPP ජාතික පක්ෂය නියෝජනය කළ Ferdinand Marcos ඡන්ද මිලියන 18ක් ලබාගනිමින් ජනාධිපතිවරණයේ ජය හිමිකරගැනීමට සමත්විය. කෙසේ වෙතත් ලොව පුරා විශාල ආන්දෝලනයක් ඇතිකළ ජනපතිවරණයකින් පසුව අවසානයේ Ferdinand Marcos පිලිපීනයේ නව ජනපති ලෙස දිවුරුම් දී තිබේ.