සෞඛ්‍ය සේවාවේ අතුරු වෛද්‍ය සේවයට අයත් ක්ෂේත්‍ර තනතුරු 03 ක් සහ රෝහල් සේවයට අයත් තනතුරු 05 ක් ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේක් ක්‍රියාත්මකයි. අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ තම ගැටලුවට විසඳුමක් නොලැබුනහොත් ලබන සදුදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් බවයි. කෙසේ වෙතත් මෙම වර්ජනය හේතුවෙන් රෝහල් රැසක සේවාවලට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

