රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩුවීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩුවී ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ආදායම වැඩි කරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිදුකෙරුණු සාකච්ඡාවේදී ඒ පිළිබඳව හෙළිවී ඇත.

