ඉකුත් 09 වනදා ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් 07 දෙනෙකු රිමාන්ඩ්


සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු 07 දෙනෙකු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, එම පිරිස අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අනෙක් පිරිස වන්නේ ළහිරු වීරසේකර, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරාවේ ජිනරතන හිමියන් සහ ජගත් මනුවර්ණයි. ඔවුන් අද දහවල් මරදාන පොලීසියට භාරවූ අතර අනතුරුව පොලීසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනුණා