පවුම් මිලියන 68 ක් පමන වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කරුවන්ට සිදු වූ අත් වැරදීමක් හේතුවෙන් කෙසෙල් තොගයක් සමග වෙළදපොලට නිකුත් කිරීමේ සිද්ධියක් චෙක් ජනරජයෙන් වාර්තා වනවා.
මෙම කෙසෙල් තොගය චෙක් ජනරජයට ආනයනය කර තිබුනේ කොලොම්බියාවෙන් වන අතර, ජාවාරම් කරුවන් එම කෙසෙල් අඩංගු පෙට්ටි තුල මත්ද්‍රව්‍ය ද සගවා රහසිගතව ගෙන්වා ගෙන තිබුන.
කෙසේ වෙතත් කෙසෙල් සහ කොකේන් අඩංගු පෙට්ටි මාරු විම නිසා පවුම් මිලියන 68 ක් පමන වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගය චෙක් ජනරජයේ සුපිරි වෙළද සල් රැසකට බෙදා හැර තිබුණු බවයි විදෙස් වාර්තා වල දැක්වුණේ.
වෙළද සල් හිමියන් කල පැමිණිලි වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය දිප ව්‍යාප්තව සොයාගෙන තිබු අතර එහි බර කිලෝ 998 ට අධිකයි.
සිද්ධියට සම්බන්ද ජාවාරම් කරුවන් සොයා එරට පොලීසිය මෙහෙයුම් දීයත් කර තිබෙනවා.
මේ අතර ශීත කල අර්තාපල් තුල සුක්ෂමව සගවා ජාවාරම් කරමින් තිබු තවත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 1300 ක් කොලොම්බියානු ආරක්ෂක අංශ බාරයට ගෙන තිබෙනවා.
බුද්ධි අංශ තොරතුරු මත නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබුනේ අර්තාපල් බහලු පෙට්ටි වල කල් ඉකුත් වීමේ දිනයක් සටහන් නොවීම හේතුවෙන් මතු වූ සැකයක් මතයි.
එවන් පසුබිමක ඉන්දීය රුපියල් කොටි 9 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රවය තොගයක් ශරීර අභ්‍යන්තරයේ සුක්ෂමව සගවාගෙන ඉන්දියාවට ඇතුළු විමට උත්සහ කල මලාවි ජාතික කාන්තාවක් ඉන්දීය රෙගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ග්‍රෑම් 607 ක් බර මෙම කොකේන් තොගය කරල් ලෙස සකසා ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන ඇය මෙලෙස ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර සිදු කළ පරික්ෂාවේදී එවැනි කොකේන් කරල් 51 ක් සොයාගෙන තිබෙනවා.

