රුසියාවේ තෙල් අපනයනයේ ඉහළ යාමක්

ඉන්දියාව විසින් බොර තෙල් මිලදී ගැනීම් ඉහළ නැංවීමත් සමඟ රුසියාවේ තෙල් අපනයනය නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ගිය වසරේ දී දිනකට බොරතෙල් මිලියන 7යි දශම 5ක් අපනයනය කළ රුසියාව පසුගිය මාසයේ දී දිනකට බැරල් මිලියන 7යි දශම 8ක් දක්වා අපනයනය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දියාව මේ වන විට දෛනිකව බොරතෙල් බැරල් ලක්ෂ 8ක් පමණ මිලදී ගැනීම සිදු කෙරෙනවා.