හෙට පැය 16ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 11 සිට පැය 16ක කාලයක් කොළඹ 5 සහ 6 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් නිවේදනය කළේ.
එමෙන්ම අදාළ කාලය තුල කොළඹ 4 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇති.

