හෙට පැය 16ක් කොළඹට වතුර නෑ

හෙට පැය 16ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 11 සිට පැය 16ක කාලයක් කොළඹ 5 සහ 6 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් නිවේදනය කළේ.

එමෙන්ම අදාළ කාලය තුල කොළඹ 4 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇති.