යුරෝපීය කොමිසම ඇපල් සමාගමට දුන් දැනුම්දීමක්

යුරෝපීය කොමිසම විසින් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා. ඒ යුරෝපයේ විකුණන අයිෆෝන්ස්වල කනෙක්ටර් වෙනස් කළ යුතු බවටයි. ඒ අනුව 2024 වනවිට සියලුම වර්ගවල ජංගම දුරකථන, ටැබ්ලට් සහ කැමරා සඳහා එක හා සමාන “charging port” ඇති කළ යුතුයි.

එමගින් පාරිභෝගිකයින්ගේ කටයුතු පහසුවන බවත් සමාගම් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත්වීම නිසා තමන් ඊට මැදිහත් වූ බවත් යුරෝපීය කොමිසම සඳහන් කළා.