මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බවට තමන් කළ ප්රකාශණය ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ සඳහා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි
කෝප් කමිටුව වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි. තමන් එම අවස්ථාවේදි ඉන්දිය අගමැති යන ප්රකාශණය භාවිත කිරීමට සිදූවූයේ කෝප් කමිටුව තුළ තිබූ පීඩනය නිසා බවද සභාපතිවරයා පැවැසීය. මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ ඉන්දීය අගමැතිවරයාගේ බලපෑම හේතුවෙන් මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පැවැසූ බවයි.
එම ප්රකාශණය ද ජනපතිවරයා ප්රතික්ෂේප කරනු ලැබීය.

