මුහුණ ආශ්‍රිතව හටගත් අංශභාග රෝගී තත්ත්වයක් හේතුවෙන් තාරුණ්‍යයේ ජනප්‍රිය ගායකයෙකු වන කැනේඩියානු ජාතික ජස්ටින් බීබර් සිය ඉදිරි ප්‍රසංග දින නියමයක් නොමැතිව තාවකාලිකව කල්දමා තිබෙනවා.
28 හැවිරිදි ජස්ටින් බීබර්ට වැළඳී ඇත්තේ ස්නායු ආශ්‍රිතව හටගත් දුර්ලභ ආබාධිත තත්ත්වයක්.
එම නිසා ඔහුගේ ඇස්, කන්, මුඛය ආශ්‍රිතව සංකූලතා මතුව තිබෙනවා.
මෙම රෝගය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ රැම්සේ හන්ට් සින්ඩ්‍රොම් (Ramsay Hunt syndrome) නමැති විද්‍යාත්මක නාමයෙන්.
රෝගය වැළඳුණු අයෙකුට මුහුණේ කොටස්වල අප්‍රාණිකත්වය, කණ ආශ්රිත ප්‍රදේශ තමන්ට නොදැනී තුවාල බවට පත්වීම, උගුර ආශ්රිත, මුඛ්‍ය ආශ්‍රිතව ද තුවාල ඇතිවීම ආදිය ගත හැකියි.
බීබර් සිය ඉන්ස්ටර්ග්‍රෑම්හි වීඩියෝවක් පළ කරමින් පවසා ඇත්තේ, තමන්ට අංශභාග රෝගයෙහි ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රසංග කල් දැමීමට සිදුවන බවත්, තමන්ට විවිධ ප්‍රසංග සඳහා වේදිකාවට නැගීම අතිශය අපහසු බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
CNN NEWS

