ධම්මික පෙරේරාගේ නම ගැසට් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයෙන් ඉවත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ධූරයට මෙසේ ධම්මික පෙරේරා මහතා පත්කර තිබේ.