ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදය හමුවේ මෙරට ශ්‍රමිකයන්ට රැකියා ලබාදීමට සිංගප්පූරුව එකඟ වී තිබෙනවා. ඒ, මේ වනවිට එරට රැඳී සිටින විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් සිංගප්පූරුවේ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා හමු වී සිදුකළ සාකච්ඡාවලදීයි.
එහිදී විදේශ අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ සිංගප්පූරුව වෙත සිදුකරන අපනයන ඉහළ නැංවීමට සහ මෙරට ශ්‍රමිකයින්ට රැකියා ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. ඒ අනුව, තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියා ලබාදීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

