උතුරු කොරියාව මිසයිල 08ක් අත්හදා බලයි

උතුරු කොරියාව කෙටිදුර බැලැස්ටික් මිසයිල 08ක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි.

දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ ඊයේ (04) අත්හදා බැලූ එම මිසයිල නැගෙනහිර මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බවය. ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය ද උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම තහවුරු කර ඇත. දකුණු කොරියානු ආරක්ෂක ප්‍රධානි කිංසුන් හැන්ග් මේ සම්බන්ධයෙන් වහාම ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පවත්වනු ඇති බව එරට ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.