හෙට සිට නැවතත් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරේ – අද විදුලි කප්පාදුවක් නෑ

හෙට (06) සිට 12 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුවට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව හෙට සිට 10 වනදා දක්වා දෛනිකව  පැය 2 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව එම කොමිසම සඳහන් කළේය.

එමෙන්ම ජුනි 11 සහ 12 යන දිනවල පැයක බැගින් විදුලි කප්පාදුව සිදුකෙරෙන බව වාර්තා වේ.මේ අතර අද (05) දිනයේ විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.