දිවයිනට පැමිණි ඩීසල් නෞකාවේ ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන සංචිත පිළිබඳව ද ඔහු පැහැදිලි කර තිබේ
ඒ අනුව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රෝල් මෙට්ට්‍රික් ටොන් 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රෝල් මෙට්ට්‍රික් ටොන් 13,067ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 386ක් ඉන්ධන සංචිත ලෙස පවතින බව කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වාදෙයි.
කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තා වේ

