චීනයෙන් ඖෂධ

චීනය විසින් ලබාදෙන ඖෂධ තොගයක් හෙට (03) ලංකාවට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසන්නේ එහි වටිනාකම යුවාන් මිලියන 500ක් පමණ බවය.

එම ඖෂධ තොගයෙන් මෙරට මාස 6ක ඖෂධ අවශ්‍යතාවය සපුරාලිය හැකි බව ඔවුන් පැවසීය.