පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය හෙලිකොප්ටර් අනතුරකින් මරුට

එක්සත් ජනපද පැසිපන්දු පුරාවෘත්තයක් වන කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාසස් නගරයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇති අතර, එම අනතුරින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ලොස් ඇන්ජලීස් කවුන්ටි ෂෙරිෆ් පැවසුවේ මෙම අනතුරින් දිවි ගලවා ගත් අය නොමැති බවයි. මුල් වාර්තාවල දැක්වෙන්නේ පුද්ගලයින් පස් දෙනෙකු යානයේ සිටින බවය. කඩා වැටුණු යානය ගිනි වළාවකින් වැසී ගොස් ඇත.

පස් වතාවක් එන්.බී.ඒ ශූරයකු වන බ්‍රයන්ට් පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

ඔහුගේ හදිසි මරණය ගැන බොහෝ දෙනෙක් කම්පනයට පත්ව ඇති අතර, බොහෝ කීර්තිමත් පුද්ගලයන් සහ සෙසු ක්‍රීඩා තාරකාවන් ඔවුන්ගේ ශෝකය පළ කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

එන්.බී.ඒ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කෝබේ බ්‍රයන්ට් සහ 13 හැවිරිදි ඔහුගේ දියණිය ජියානාගේ අවාසනාවන්ත ඉරණමකට ලක්ව දිවි ගමනට සමුදී ඇති බවයි.

4 Replies to “පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය හෙලිකොප්ටර් අනතුරකින් මරුට”

  1. Through the parental monitoring program, parents can pay attention to their children’s mobile phone activities and monitor WhatsApp messages more easily and conveniently. The application software runs silently in the background of the target device, recording conversation messages, emoticons, multimedia files, photos, and videos. It applies to every device running on Android and iOS systems.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *