දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශේෂ්ඨාධිකරණයට අද (31දා) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කළේය.