ලබන 31 වන දින සහ ජුනි 4වන දින සංචරණ සීමා ලිහිල් නොකිරීමට රජය තීරණය කර තිබෙන බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිළට ගැනීම සඳහා මැයි 31 සහ ජුනි 4වන දින සංචරණ සිමා ලිහිල් කිරීමට නියමිත බවයි මීට පෙර දැනුම් දී තිබුණේ.
පසුගිය දා අත්‍යවශ්‍ය භාණ්ඩ මිළට ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන අයුරු දක්නට ලැබුණා.

