දිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදු කරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරියට (ක්ෂණික ඇමතුම් 1977) ලැබුණු දුරකථන ඇමතුම් අනුව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

