අවුරුදු 12ට වැඩි දරුවන්ට කොරෝනා එන්නත් දීම වැදගත්

වයස අවුරුදු 12ට වැඩි දරුවන්ටත් කොවිඩ් මර්ධන එන්නත ලබාදීම වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා ප්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, ඉදිරියේදී දරුවන් අතර කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යා හැකි බවත්, දරුවන් 1000කට වැඩි පිරිසකට මේ වන විටත් කොවිඩ් ආසාදනය වී ඇති බවයි