ටෙලි නාට්‍යක රෑගත කිරිමක් සඳහා මිහින්තලයට ගිය 11ට කොරෝනා

ටෙලි නාට්‍යක රෑගත කිරිමක් සඳහා කොළඹ සිට මිහින්තලයට පැමිණ සිටි 39 දෙනකුගෙන් යුත් කණ්ඩායමක නළු නිළියන් ඇතුළු 11 දෙනකුට කොවිඩි ආසාදනය වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.

එම කණ්ඩායමට සිදු කරන ලද PCR පරික්ෂණ මගින් මෙය තහවුරු වූ බවයි අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ.