දැනටමත් මෙරට පුද්ගලයින් 71,203 කට එන්නත් ලබා දී අවසන්

මෙරට පුද්ගලයින් 50,493 දෙනෙකුට ඊයේ (මැයි 11) “සයිනොෆාම්” එන්නත ලබා දී ඇති බව නිෂ්පාදන, සැපයුම් හා නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ වන විට ශ්‍රී ලංකාව විසින් චීනය විසින් නිපදවන ලද “සයිනොෆාම්” එන්නත මෙරට පුද්ගලයින් 71,203 කට එන්නත් ලබා දී තිබෙනවා.

මෙම එන්නත ලබා දුන් අයගෙන් මෙතෙක් ආසාදන තත්ත්වයන් වාර්තා වී නොමැති බව ද මහාචාර්ය ජයසුමන මහතා පැවසුවා.