ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යාම අද අළුයම සිට අත්හිටුවා තිබෙනවා.එම රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් යානාවලට තහනමක් පණවා තිබීම ඊට හේතුව බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කළේ.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඉතාලිය, පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා තිබෙනවා.
එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමිවනවා.

