තුර්කිය, බංග්ලාදේශය, ලංකාව, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්ජ්ය සහ කටාර් යන රටවල සංචාරකයින් සඳහා ප්‍රංශය දින 10ක අනිවාර්යය නිරෝධායන නීතියක් පැනවීමට කටයුතු කරන බව ප්‍රංශය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නවතම යාවත්කාලීන කිරීමකින් හෙළි වී තිබේ.
මේ සමග ප්‍රංශයේදී සංචාරක නිරෝධායනයකට යටත් වන රටවල් ගණන 12ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මෙම රටවල් වන්නේ බ්රිසිලය , ආර්ජන්ටිනාව, චිලී, දකුණු අප්‍රිකාව , ඉන්දියාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය , නේපාලය, පාකිස්තානය, කටාර්, ලංකාව සහ තුර්කියයි.
ප්‍රංශය රජයේ ප්‍රකාශක ගේබ්‍රියල් අටාල් ප්‍රකාශ කළේ ප්‍රංශයට නව වෛරස ප්‍රබේධ අවදානම සැහැල්ලුවට ගත නොහැකි නිසා නිරෝධායන ලැයිස්තුවට නව රටවල් ඉක්මනින් එක් කරන බවයි.

