ඕනෑම මොහොතක රට ලොක්ඩවුන් කිරීමට හැකි බැවින් දෛනික පරිභෝජනය සදහා අවශ්‍ය භාණ්ඩ එක්රැස් කර තබාගන්නැයි පළව ඇති වාර්තා අසත්‍ය බව යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා.
සමස්ත රටම වසා තැබීමට කිසිදු අදහසක් මේ වන විට නොමැති බවයි යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.
ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශවල ග්‍රාම නිළධාරි වසම් හෝ පොලිස් වසම් පූර්ව දැනුම්දීමකින් තොරව හුදකලා කිරීමකට ලක්විය හැකි බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

