ප්‍රංශය තුන්වන වරටත් සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණයකර තිබේ.
කොවිඩ් -19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයෑම හේතුවෙන් රටතුළ රෝහල් ක්‍රියාකාරීත්වය අඩාලවීමේ අවදානම අඩු කිරීම සඳහා මෙම තීරණයගත් බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා පමණක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 145කින් පමණ ඉහළගොස් තිබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එය ගතවු මාස 05 ක කාලය තුළ බරපතළ තත්ත්වයේ පසුවන ආසාදිතයින් ඉහළම සංඛ්‍යාවක් වාර්තාවූ අවස්ථාවක් බව ප්‍රංශ බලධාරීන් පවසයි.
මේ යටතේ සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැළ් ආදිය සති 04ක් වසා තැබෙන අතර රාත්‍රී 07 සිට උදෑසන 06 දක්වා ඇදිරිනීතිය ක්‍රියාත්මකය.

