නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම්

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා PHI සංගමය ප්‍රකාශ කළා.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් පමණ යොදවා සිටින බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ.