කොවිඩ් එන්නත ළමුන් සඳහා අත්හදා බලයි

ෆයිසර් සමාගම තවත් පියවරක් ඉදිරියට තබමින් තම කොවිඩ් එන්නත ළමුන් යොදාගෙන අත්හදා බැලීමට පියවරගෙන තිබේ.

එන්නත පළමුව ලබාදී ඇත්තේ, අමෙරිකානු නව හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනෙකුටය.

ළමුන් 144 දෙනෙකු යොදාගෙන එන්නතේ විවිධ මාත්‍රා තුනක් පරීක්ෂා කෙරෙන අතර වඩාත් ඵලදායි මාත්‍රාව හඳුනා ගැනීමෙන් පසුව, ළමුන් 4,500ක් අත්හදා බැලීම් සඳහා යොදාගැනීමට ෆයිසර් සමාගම බලාපොරොත්තු වේ.