ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැත – මහින්ද

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළෙඳපොළ සම්බන්ධයෙන් ඊයේ (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර තිබේ.