බන්ධනාගාර බස් රථයක් අනතුරක

අද(23) උදෑසන 11.30ට පමණ අඹන්පොල පොලිස් වසමේ කළුවිලපතාන ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

ගල්ගමුව අධිකරණයේ සිට මහව බන්ධනාගාරය වෙත සැකකරුවන් රැගෙන ගිය බස් රථයක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පසුපසට ධාවනය කළ ලොරි රථයක පිටුපස ගැටී අසල පස් කණ්ඩියක ද ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇත.

අනතුරින් බන්ධනාගාර බස් රථයේ රියදුරු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු හා සැකකරුවන් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇත.

ලොරි රථය රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට(24) දින මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අඹන්පොල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

2 Replies to “බන්ධනාගාර බස් රථයක් අනතුරක”

  1. La compatibilidad del software de rastreo móvil es muy buena y es compatible con casi todos los dispositivos Android e iOS. Después de instalar el software de rastreo en el teléfono de destino, puede ver el historial de llamadas del teléfono, mensajes de conversación, fotos, videos, rastrear la ubicación GPS del dispositivo, encender el micrófono del teléfono y registrar la ubicación circundante.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *