කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත්ර ශිල්පියෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර තිබේ.
එම පුද්ගලයා සිද්ධිය සිදුවූ විහාරස්ථානයේ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු බව අධිකරණයේදී අනාවරණය විය.
2013 වසරේ ජූනි මස 1 වන දින සිට එම මාසයේ 30 වන දින දක්වා අතර කාලය තුළ තලාව ප්රදේශයේ රජමහ විහාරස්ථානයකදී එම දරුවා අපයෝජනය වී තිබුණි. අපයෝජනයට ලක්ව තිබුණේ බාල වයස්කාර පිරිමි දරුවෙකි. වරදකරු විසින් වරින්වර විහාරස්ථානය තුළදීම එම දරුවා අපයෝජනය කර ඇති බව අනාවරණය වී ඇත.
චිත්ර ශිල්පියාට එරෙහිව අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 06ක් ගොනු කර තිබුණි.
ඊට අමතරව වින්දිත දරුවාට මුදලින් රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කර තිබේ.

