ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණාදිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට තවමත් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න ඊයේ රාත්‍රි පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවී ඇති බව සඳහන්.
මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 යානා යොදවා ඇති බව අප කල විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.

