අද වැඩිම කොරෝනා ආසාදිතයින් රත්නපුර දිස්ත්‍රික්කයෙන්

දෛනික වැඩිම වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. ඒ 62ක් ලෙසය.

බස්නාහිර පළාතෙන් පිටත දිස්ත්‍රික්කවල කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ නව ආසාදිතයින් 460 දෙනෙකු හඳුනාගැනුණු අතර ඔවුන් දිවයිනේ දිස්ත්‍රික්ක 22 කින් වාර්තා වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.