ඉතාලියේ සුසාන භූමියක් නායයාමෙන් මිනී පෙට්ටි සිය ගණනක් මහ මුහුදට වැටෙයි

ඉතාලියේ ජෙනොවා නුවර සුසාන භූමියක් නායයෑම නිසා මිනී පෙට්ටි 200කට අධික සංඛ්‍යාව මුහුදට වැටී තිබෙනවා.

මෙම සුසාන භූමිය පිහිටි ස්ථානය අවට ප‍්‍රදේශය මුහුදු ඛාදනයට ලක්වීම නිසා සුසාන භූමිය විනාශ වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් ජෙනෝවා නඩු අධ්‍යක්ෂවරු පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉතාලි මාධ්‍ය පැවසුවේ මුහුදේ පාවෙමින් තිබූ මිනීපෙට්ටි ගොඩගෙන ඇති බවයි.

කැමෝග්ලි නමින් හඳුන්වන මෙම සුසාන භූමිය අසල දෙව්මැඳුරු දෙකක් ද විනාශ වී තිබෙනවා.

Italy: coffins fall into sea after landslide in Liguria | Hundreds of  coffins fall into the sea - YouTube
Landslide at cemetery on Italian Riviera sends coffins spilling to sea