Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ චීන ඔත්තුකාරියක යැයි සැක කෙරෙන Alice Huang නම් කාන්තාව අතර පැවති සම්බන්ධතාවක් පිළිබඳව FBI ආයතනය පරීක්ෂණ පවත්වමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
චීන ඔත්තු සේවා මෙහෙයුමක ඉලක්කයක් බවට Nvidia ප්‍රධාන විධායක ජෙන්සන් හුවාං (Jensen Huang) පත්ව සිටින බවට ඇමරිකානු බලධාරීන් සැක කරන බවට වාර්තා පළ වීමෙන් අනතුරුව, තමන් ඔහු සමඟ සඳුදා දිනයේදී කතා කළ බව ට්‍රම්ප් පැවසුවා.
එහි දී “ඇය ඔත්තුකාරියක් කියලා මම දැනගෙන හිටියේ නැහැ” ලෙසයි Nvidia ප්‍රධාන විධායක ජෙන්සන් හුවාං ට්‍රම්ප්ට පිළිතුරු දෙමින් සඳහන් කර ඇත්තේ.
මේ අතර චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම චෝදනා “කිසිදු පදනමක් නොමැති, හුදෙක් අනුමාන මත පදනම් වූ සහ චීනය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් එල්ල කරන ලද ඒවා” බවයි.
එසේම තම සමාගමේ රහස් හෝ ජාතික ආරක්ෂාවට යම් හානියක් සිදුවී ඇතැයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි Nvidia සමාගම සඳහන් කරන්නේ.

