ලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගවල බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.59ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව 0.59%ක පහළ යාමකි.
එසේම Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 97.31ක් දක්වා පහළ ගොස් ඇත. එහි පහළ යාම 1.06%ක් ලෙස සටහන් වී තිබේ.
කෙසේවෙතත් Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 99.17ක් ලෙසය.

