කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්ෂ 2 ඉක්මවයි

මෙරට ක්‍රියාත්මක “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා”  එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 207,843 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ මහජනතාව සමඟ සමීපව කටයුතු කරන කණ්ඩායම් ඇතුළු පුද්ගලයින් 57,000 කට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් ලබා දීමේ වැඩසටහන ඊයේ (17) දිනයේ සිට ආරම්භ කෙරුණි.

ඒ අනුව පුද්ගලයින් 11,680 දෙනෙකුට එන්නත් ලබාදීම සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.