බස්නාහිර 57,000 කට අද කොවිෂිල්ඩ් එන්නත

අද (17) දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි ඔහු පවසනවා