පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුද්ගලයින් පවුල් 2,106කට අයත් පුද්ගලයින් 7,651කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
සැප්තැම්බර් 19 වැනි දින සිට අද (19) දින දක්වා වූ කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 20කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 183ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මේ හේතුවෙන් පුද්ගල මරණ 8ක් සහ තුවාල ලැබූවන් 12ක්ද වාර්තා වී ඇත. එසේම එක් අයෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වනවා.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 26ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 1,390ක්ද වාර්තා වී තිබේ.
ඒ හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 02ක් තුළ පවුල් 13කට අයත් පුද්ගලයින් 46ක් සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

