පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතා ඊයේ දිනයේ උග්‍ර අතර හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැරිස් නුවර, කැරලි මර්දන පොලිසිය සහ විරෝධතාකරුවන් අතර සවස් කාලය පුරාම දැඩි ගැටුම් ඇති ව තිබෙනවා.
එහි දී පොලිසිය විසින් ජනකාය විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක ද යොදා ගෙන ඇති බව සඳහන්.
ඊයේ පුද්ගලයින් 550,000ක් පමණ වීදි බැස සිටි අතර, එරට පොලිසිය විසින් ඉන් අවම වශයෙන් පුද්ගලයින් 1,200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර අගනුවර සහ වෙනත් ප්‍රදේශවල ගොඩනැගිලිවලට ගිනි තැබීම් සිදු වූ අතර, ලිමොජ් (Limoges) නගරයේ නගර ශාලාවේ ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් එහි වහලයෙන් කොටසක් කඩා වැටුණි.
නගර කිහිපයකම කොල්ලකෑම් වාර්තා වූ අතර, නගර ශාලා සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගනිමින් පුළුල් ලෙස දේපළ විනාශ කිරීම් ද සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කලේ.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය තුළ පොලිස් නිලධාරීන් 150 දෙනෙකු තුවාල ලැබූ බව ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝනු (Sébastien Lecornu) ප්‍රකාශ කර තිබෙනවා.

