ලිට්‍රෝ ගෑස් 180,000ක් බෙදා හැරීමේ විශේෂ මෙහෙයුමක්

පසුගිය දින කිහිපය තුළ ඇති වූ ගෑස් හිඟය සැලකිල්ලට ගනිමින්, අද දිනයේ විශේෂ ගෑස් බෙදා හැරීමේ මෙහෙයුමක් සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අද දිනයේ ගෑස් සිලින්ඩර 80,000ක් ද, හෙට දිනයේ තවත් සිලින්ඩර 100,000ක් ද බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව ලිට්‍රෝ ගෑස් සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කළා.

මේ අතර, මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

මීට අමතරව, මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා දිවයිනට පැමිණි බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගෑස් තොග සැලකිල්ලට ගන්නා විට, ඉදිරියේදී ගෑස් හිඟයක් ඇති නොවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.