උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකියි.