නිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අවධානමක්

නිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා .

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය 24 වැනි දින මෙම ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරි පැය 24ද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ ආශ්‍රිත මාර්ගවල ගමන් ගන්නා රියදුරන් සහ එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසය.