වර්ෂාවත් සමඟ යළි ඩෙංගු අවදානම ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මෙම සතිය තුළ ඩෙංගු රෝගීන් 1,276 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

පසුගිය සතියේ රෝගීන් 1,156 දෙනෙකු වාර්තා වී තිබුණි.

වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 99,634කි.

එසේම මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 77 දෙනෙකු මියගොස් ඇත.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 21,136කි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ තම අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.