උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර

උපාධිදාරි ගුරු සේවයට බදවා ගැනිමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් විමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි ප්‍රතිඵල මත උපාධිදාරින් 23,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතවයි.

ඒ අනුව ගුරු විභාගයෙන් දැනට රාජ්‍ය සේවයේ සිටින උපාධිදාරින් සඳහා පෙනි සිටී  15,000 ක් ද ,විවෘත පදනම මත පැවති ගුරු විභාගයෙන් 8,000ක් ද බඳවා ගැනීමට නියමිතයි.

සම්මුඛ පරික්ෂණ ඔක්තොම්බර් මාසයේ පැවැත්වෙනු ඇති.

එසේම බඳවා ගැනිම් දෙසැම්බර් මාසයේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.